ෆීජි දූපත් රාජ්‍යයේ ආරක්ෂක සේවා නියෝජ්‍ය ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි
 

ෆීජි දූපත් රාජ්‍යයේ ආරක්ෂක සේවා නියෝජ්‍ය ආඥාපති, බ්‍රිගේඩියර් ජෙනරාල් මොහොමඩ් අසීස් මහතා අද (16) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. එහිදී ඔවුන් ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් සුහද කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. ‍එම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් පිරිසක් ද සහභාගී වී සිටියහ.