බලපත්‍ර රහිතව මසුන් ඇල්ලූ ධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත්, කල්පිටිය හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (14) නොරෙච්චෝලෙයි වෙරළ තීරයේදී බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී, ඩිංගි යාත්‍රා 2ක් සහ මසුන් ඇල්ලීම සඳහා යොදා ගත් දැල් 40 ක්ද අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.