නීති විරෝධී ලෙස කැස්බෑවන් ඇල්ලූ පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් මන්ඩතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමණ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (11) සිදු කරන ලද සෝදිසි කිරීමකදී ගුරුනගර් ජැටියේ නවතා තිබූ ධීවර යාත්‍රාවක් තුල තිබී කැස්බෑවෙකුගේ මස් සහ තවත් ජීවී කැස්බෑවෙකු සොයා ගන්නා ලදී.

එහිදී, එම ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 4 දෙනෙකු සහ ධීවර කටයුතු සඳහා යොදා ගත් දැල් 2 ක්ද අත්අඩංගුවට ගත් අතර, එම පුද්ගලයන්, කැස්බෑ මස් සහ ජීවී කැස්බෑවා ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.