නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 7 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් වාකරෙයි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පෙරේදා (31) පණ්ඩතිව්මුනෙයි මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

එහිදී, මසුන් ඇල්ලීම සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, තහනම් දැල් 2 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණයක් සහ පා වරල් යුගලක් අත්අඩංගුවට පත්වූ අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා වාකරෙයි පොලිසීය වෙත භාර දීමට කටයුතු කෙරිණි.