නීති විරෝධී දැල් සමඟ පුද්ගලයන් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් මුල්ලිකුලම් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පෙරේදා (23) පලුගහතුරේයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක් සහ තහනම් දැල් 2 ක්ද අත්අඩංගුවට පත් වූ අතර, එම ධීවරයින් හා ධීවර උපකරණ ඉදිරි විමර්ශන කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

තවද, නාවික බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව ගිණිකොන නාවික විධානයට අයත් පානම පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ අක්කරෙයිපත්තුව හා සමන්තුරෙයි සහකාර ධීවර පරීක්ෂක කාර්යාල නිලධාරීන් විසින් ඊයේ (24) අක්කරෙයිපත්තුව සහ සමන්තුරෙයි ප්‍රදේශවල තහනම් දැල් අලෙවි කල පුද්ගලයන් 2 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී අත්අංඩගුවට ගත් තහනම් දැල් සහ පුද්ගලයින් සමන්තුරෙයි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දෙන ලදී.