නීතිවිරෝධී ලෙස කැස්බෑවෙකු ඇල්ලූ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ආයතනය (NARA) වෙතින් ලැබුණු ‍තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ වයඹ නාවික විධානයට අයත් කල්පිටිය ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (20) නොරෙච්චෝලේ සහ කප්පල්අඩි කළපුව අතර ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස අල්ලා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ කැස්බෑවෙකු සමඟ පුද්ගලයන් 2 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

එහිදී ඩිංගි යාත්‍රාවක් සහ තහනම් දැලක් ද අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයන් භාණ්ඩ සහ කැස්බෑවා ඉදිරි කටයුතු සඳහා ඉලන්තඩිය වනජීවි දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කෙරිණි.