කේරළ ගංජා කිලෝග්‍රෑම් 6 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

බටහිර නාවික විධානයට අයත්, වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පැලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක්, ඒකාබද්ධව සිදු කරන ලද වැටලීමකදී අද (15) මට්ටක්කුලිය ප්‍රදේශයේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 6 ක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා, ත්‍රීරෝද රථය සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පැලියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.