බංගලාදේශ නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට
 

බංගලාදේශ නාවික හමුදාවට අයත් “සෝමුද්‍රා අවිජාන් ” සහ “සෝමුද්‍රා ජෝයි” යන නෞකාවන් අද (29) කොළඹ වරායට සේන්දු විය. සුහද සංචාරයක් සඳහා පැමිණි එම නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට අනුව පිළිගන්නා ලදී.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා බංගලාදේශ නෞකාවන්හි හෙට (30) සංචාරය කිරීමට නියමිතව ඇති අතර, නාවික හමුදා මූලස්ථානයේදී මෙම නෞකා දෙකෙහි අණදෙන නිලධාරීන් ලෙස කටයුතු කරන කපිතාන් කාම්රුල් හොක් චෞද්‍රි සහ කපිතාන් එම් හුමායන් කාබීර් යන නිලධාරීන් නාවික හමුදාධිපතිතුමන් හමුවීමට නියමිතය.

මෙම නෞකාවන් ඔක්තෝම්බර් මස 4 වන දින දක්වා දිවයිනේ රැදී සිටීමට නියමිතය. මෙකී කාලය තුළ දෙරටේ ද්විපාර්ශ්වීය මිත්‍රත්වය වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද විවිධ වැඩසටහන් සහ පුහුණු ක්‍රියාකාරකම් කිහිපයකටද මෙහි කාර්යය මණ්ඩල සහභාගී වීමට නියමිතය.