කේරළ ගංජා කිලෝග්‍රෑම් 3 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත් වන්කාලේ පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා ඵුස්සදේව ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් නච්චිකුඩා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයේ නාවික පිරිසක්ගේ ද සහය ඇතිව ඊයේ (19) මුන්ඩරන්පුඩ්ඩි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 3 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීස් මත්ද්‍රව්‍ය ඒකකය වෙත භාර දීමට කටයුතු කෙරිණි.