ආරක්ෂක සේවා හොකී තරඟාවලියේ සමස්ථ ජය නාවික හමුදාවට
 

9 වන වරටත් පවත්වනු ලැබූ ආරක්ෂක සේවා හොකී තරඟාවලිය පසුගිය 9 වන දින සිට 12 වන දින දක්වා කොළඹ, ක්‍රීඩා අමාත්‍යංශ හොකී ක්‍රීඩා පිටියේදී පැවැත්වූ අතර, එහිදී ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා නාවික හමුදා පිරිමි හා කාන්තා හොකී කණ්ඩායම් ද්විත්වයම ශූරයන් බවට පත් විය.

නාවික හමුදා පිරිමි හොකී කන්ඩායම සමග යුධ හමුදා කණ්ඩායම තරඟ වැදුනු අතර, ගෝල 1-0 වශයෙන් ඔවුන් පරාජය කරමින් නාවික හමුදා කණ්ඩායම් නායක, ගුවන් විදුලි කාර්මික ආර්එම්එම්ඩී රතුනායක විසින් ජයග්‍රාහී ගෝලය ලබා ගන්නා ලදී. ගුවන් හමුදා කාන්තා කණ්ඩායම ‍ගෝල 2-1 ක් වශයෙන් පරාජය කිරීමට නාවික හමුදා කාන්තා කණ්ඩායමට හැකියාව ලැබුණි. එහිදී බල කාන්තා නාවික ඩබ්එම්සීඩී විජේසූරිය සහ බල කාන්තා නාවික බීඑන්එම් ජයනෙත්ති යන අය විසින් ජයග්‍රාහී ගෝල වාර්තා කිරීමට සමත් වූහ.