රාජකීය ඕමාන් නාවික හමුදාවේ 'ඛාසබ්' නෞකාව කොළඹ වරායට පැමිණේ
 

රාජකීය ඕමාන් නාවික හමුදාවේ 'ඛාසබ්' නෞකාව අද (24) සැපයුම් අවශ්‍යතා ලබා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණි අතර, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී. එම නෞකාව ජූලි මස 27 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට නියමිතය.