කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 156 ක් ‍නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් සිලාවතුර හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා‍ ථේරපුත්ත ආයතනයේ රේඩාර් මැදිරියේ රාජකාරී නියුතු නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී සැක කටයුතු යාත්‍රාවක් නිරීක්ෂණයට ලක් කර ඇත. ඒ අනුව එම ප්‍රදේශයේ නිරීක්ෂණය කිරීමට යාමේදී අරිප්පු ප්‍රදේශයට අයත් වෙරළ තීරයේ තිබී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 156.5 ක ප්‍රමාණයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් වූ අතර, එම කේරළ ගංජා තොගය මන්නාරම මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය වෙත භාර දීමට කටයුතු කරන ලදී.