නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ලාංකික ධීවරයින් 46 ක් නාවික හමුදා අත්අඩංගුවට
 

ගිණිකොන නාවික විධානයට අයත් පානම, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (3) ඔලුවිල් සහ කල්මුනේ අතර මුහුදු සීමාවේදී කිමිදුම් උපකරණ භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බහුදින ධීවර යාත්‍රා 5 ක්, ඔක්සිජන් සිලින්ඩර් 15 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා පා වරල් යුගල් 16 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණ 13 ක්, කිමිදුම් ඇදුම් කට්ටල 6 ක් සහ GPS යන්ත්‍ර 2 ක් ද එහිදී අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා අඩ්ඩාළචේන ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.