නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් කුච්චවේලිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (1) කොකිලායි සහ කල්ලරාව අතර මුහුදු ප්‍රදේශයන්හි නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා 2 ක්, නීතිවිරෝධී දැල් 2 ක් (සුරුක්කු දැල්) සහ කිමිදීම සඳහා යොදා ගන්නා ඇස් ආවරණයක් අත්අඩංගුවට පත්විය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කුච්චවේලි පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.