කෝණේෂ්වරම් කෝවිල අවට පිරිසිදු කිරිම සඳහා නාවික හමුදා සහාය
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන සමාජ සත්කාර වැඩ සටහන් මාලාවට සමගාමීව නැගෙනහිර නාවික පෙදෙස භාර ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ මගපෙන්විම යටතේ පසුගිය 25 වන දින යුධ හමුදාව හා මධ්‍යම පරිසර අධිකාරිය සමග සම්බන්ධිකරණය වි ත්‍රිකුණාම‍ලයේ පිහිටි කෝණේෂ්වරම් කෝවිල අවට පිරිසිදු කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි .

මෙහිදි කෝණේෂ්වරම් කෝවිල වෙත පැමිණෙන ජනතාව විසින් ඉවතලන අපද්‍රව්‍ය ඉවත් කර අවටප්‍රදේශය ආවරණය වන පරිදි පිරිසිදු කිරීම් කටයුතු සි‍දු කරන ලද අතර, මෙම කර්තව්‍ය සදහා ත්‍රිකුණාමලය, ශ්‍රි ලංකා නාවික තඨාකාංගණය, නාවික හා සාගරික විද්‍යාපිඨය සහ ශ්‍රි ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 65 දෙනෙකු සිය දායකත්වය ලබා දෙන ලදි.