උතුරු නාවික විධානයේ ඇති දුපත්හි පාසල් සිසුන්ගේ පාපන්දු ක්‍රීඩා හැකියාව නැංවිමේ දෙවන අධියර සදහා නාවික හමුදා සහය

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් පරිදි යාපනය ආර්ධද්වීපයේ දුපත් වල පාසල් සිසුන් වෙනුවෙන් පාපන්දු පුහුණු කඳවුරු කිහිපයක් පැවැත්විණි. මෙම කදවුරු මලාවේ දෙවන අධියර ජුනි 25 වන දින කන්නසන්තුරේයි පිහිටි ශ්‍රි ලංකා නාවික නෞකා උත්තර ආයතනයේදි පැවැත් වුහ. මෙම පුහුණු කඳවුරු මගින් උතුරු නාවික විධානයේ ඇති දුපත්හි පාසල් සිසුන්ගේ පාපන්දු ක්‍රීඩා හැකියාව වර්ධනය කිරිම ප්‍රධාන අරමුණ වේ.

වයස අවුරුදු 15 න් පහළ පාපන්දු කාණ්ඩාමක් ස්ථාපිත කිරිමේ අරමුණින් පැවති පාපන්දු තරගයක් පෙරේදා 27 දින නයිනතිව් සහ මණ්ඩතිව් දුපත් කණ්ඩායම් අතර මණ්ඩතිව් හි පිහිටි ශ්‍රි ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයේ දී පැවැත් වුහ. මෙම තරඟය 1 - 0 වශයෙන් නයිනතිව් කාණ්ඩායම ජයග්‍රාහනය කරන ලදි. උතුරු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති කොමදෝරු නන්දන ජයරත්න මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය. මෙහි පළමු අධියර 2016 ජුනි 11 වන දින කන්නසන්තුරේ ශ්‍රි ලංකා නාවික නෞකා උත්තර ආයතනයේදි පවත්වන ලදි.

කරේයිනගර් සහ එලිවතිව්.

නයිනතිව් සහ මණ්ඩතිව්.
 

පුංකුඩුතිව් සහ මණ්ඩතිව්.