නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 16 දෙනෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 16 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්විය. ඒ අනුව ඊයේ (28) උතුරු මැද නාවික විධානයට අයත් තලෙයිමන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී නීතිවිරෝධී ‍ලෙස ධීවර කටයුතු වල නිරතව සිටි පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවන් 3ක් සහ සුරුක්කු දැල් 34ක් අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, එදිනම උතුරු මැද නාවික විධානයට අයත් නච්චිකුඩා, ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් වලෙයිපාඩු ප්‍රදේශයට බටහිරින් වූ මුහුදේ දී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 3 දෙනෙකු ධීවර කටයුතු සඳහා යොදා ගත් නීතිවිරෝධී දැලක් ද සමග අත්අඩංගුවට ගන්නා ලදී. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා කිළිනොච්චිය සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාල වෙත භාර දීමට කටයුතු කරන ලදී.