නීති විරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් නවදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරය, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත පී 490 වේග ප්‍රහාරක යාත්‍රාව මගින් ඊයේ (24) චුන්ඩිකුලම් සහ චලෙයි අතර මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්විය.

එහිදී ඩිංගි යාත්‍රා 3 ක්, මුහුදු කූඩැල්ලන් 61 ක ප්‍රමාණයක්, ඔක්සිජන් සිලින්ඩර් 30 ක්, කිමිදීම සඳහා යොදාගනු ලබන මුහුණු ආවරණ 6 ක්, කිමිදීම සඳහා යොදාගනු ලබන පා වරල් යුගල් 6 ක් සහ G.P.S යන්ත්‍ර 2 ක් ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයින් සහ භාණ්ඩ ඉදිරි කටයුතු සඳහා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.