නීති විරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරය, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත පී 4444 වේග්‍ර ප්‍රහාරක යාත්‍රාව මගින් ඊයේ (21) චුන්ඩිකුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස අල්ලා ගොඩබිම දෙසට ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් 10 ක ප්‍රමාණයක් සමග පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්විය. එහිදී ඩිංගි යාත්‍රාවක්, සම්පීඩක වායු බෝතල් 10 සහ කිමිදීම සඳහා යොදා ගනු ලබන පා වරල් යුගල් 2 ක් ද අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ භාණ්ඩ ඉදිරි කටයුතු සඳහා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.