නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට ඊයේ (20) නාවික හමුදාව සමත්විය. ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අයත් වාකරෙයි, ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් සින්නසව්කාඩි මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ‍ලෙස ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් 3 දෙනෙකු ඒ සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක් සහ සුරුක්කු දැලක් සමග අත්අඩංගුවට ගන්නා ලදී. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා මඩකලපුව ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

එදිනම, එම නාවික විධානයටම අයත් පුල්මුඩේ, ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ජින්නපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 3 දෙනෙකු ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාව ද සමග අත්අඩංගුවට ගන්නා ලදී. එම පුද්ගලයන් සහ යාත්‍රාව ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා පුල්මුඩේ පොලීසිය වෙත භාර දෙන ලදී.