බටහිර නාවික විධානය හැඳල ප්‍රදේශයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
 

බටහිර නාවික විධානයේ වැලිසර නාවික හමුදා රෝහල් සංකීර්ණයට අනුයුක්ත නාවික පුද්ගලයන් සහ හැඳල සිංහ සමාජය එක්ව 2016 මාර්තු මස 25 වන දින මට්ටක්කුලිය, එකමුතු ප්‍රජා ශාලාවේ දී ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පැවැත්විය. බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ මගපෙන්වීම මත මෙම සෞඛ්‍ය සායනය සංවිධානය කෙරිණි.

මෙහිදී ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී සිවිල් ජනතාවට ළය ආශ්‍රිත රෝග, අක්ෂි රෝග, දියවැඩියා පරීක්ෂණ සඳහා මෙන්ම සාමාන්‍ය රෝග වෙනුවෙන් සිදුකරන වෛද්‍ය පරීක්ෂණයන්ට යොමු වී අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථාව සැලසුණු අතර, දෘෂ්ඨි ආබාධ සහිත රෝගීන් 50 දෙනෙකු සඳහා ඇස්කණ්නාඩි බෙදා දීමක්ද එහිදී සිදු කෙරිණි. වැලිසර නාවික රෝහලේ වෛද්‍යවරුන්, නාවික පුද්ගලයින් සහ සිංහ සමාජයේ වෛද්‍යවරුන්ගේ දායකත්වයෙන් සිදු කෙරුණු මෙම වෛද්‍ය සායනය තුළින් ප්‍රදේශයේ රෝගීන් 520 දෙනෙකුට පමණ ප්‍රතිකාර ලබාදීමට හැකිවිය.