ශ්‍රී ලංකා නාවික හමුදාව "බ්ලූ රිජ්" නෞකාවේ නැව් මුළුව අතර සුහද ක්‍රීඩා තරඟාවලි කීපයක් පවත්වයි
 

පසුගිය 26 වන දින සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඇමරිකානු නාවික හමුදාවේ "බ්ලූ රිජ්" යුද නෞකාවේ නැව් මුළුව දෙරට අතර සුහදත්වය වර්ධනය කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ක්‍රීඩා තරඟාවලි රැසකට සහභාගී විය.

ඒ අනුව, මාර්තු මස 27 වන දින වැලිසර නාවික ක්‍රීඩාංගනයේදී පැසිපන්දු සහ බේස්බෝල් තරඟ පැවැත්විණි. එහිදී බේස්බෝල් තරඟයෙන් ඇමරිකානු නාවික හමුදා පිල පරදවා ජය අත්කර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම හැකි වූ අතර, පැසිපන්දු තරඟයේ ජය අත්කර ගැනීමට ඇමරිකානු නාවික හමුදා කණ්ඩායම සමත්විය. ජයග්‍රහනය කරන ලද කණ්ඩායම් සඳහා ජය සංකේත ප්‍රදානයන්ද එහිදී සිදු කෙරිණි. තවද, අද (28) දින පවත්වන ලද පාපන්දු තරඟයෙන් ඇමරිකානු නාවික හමුදා කණ්ඩායම පරදවා 3 - 0 ක් ලෙස ජයග්‍රහනය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම සමත් විය.

බේස්බෝල්































පැසිපන්දු
































පාපන්දු