අතිගරු ජනාධිපතිතුමන් “බ්ලූ රිජ්” නෞකාවේ සංචාරයක
 
 

අතිගරු ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28) කොළඹ වරායට පැමිණි ඇමරිකානු නාවික හමුදාවේ 7 වන නෞකා දියත් විධානයේ ධජ නෞකාව වන "බ්ලූ රිජ්" යුද නෞකාවේ සංචාරයක නිරත විය. නෞකාව භාර ජ්‍යෙෂ්ඨ නිලධාරී, ඇමරිකානු නාවික හමුදාවේ 7 වන නෞකා දියත් විධානයේ මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් අව්කොයින් මහතා, සහ “බ්ලූ රිජ්” නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් කයිල් පී. හිග්ගින්ස් මහතා විසින් අතිගරු ජනාධිපතිතුමන් ඉතාමත් උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කෙෂප් මහතා, බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක්ද එම අවස්ථාව සඳහා සහභාගී විය.