නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් තිස්තුන්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 
 

උතුරු මැද විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (27) අන්තෝනිපුරම් මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් 33 දෙනෙකු මුහුදු කූඩැල්ලන් 1500 ක පමණ ප්‍රමාණයක්, කුඩා ඔරු 3 ක් සහ ඩිංගි යාත්‍රාවක් සමග අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්, යාත්‍රා සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර ඇත.