කේරළ ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවික පිරිසක් විසින්, මන්නාරම එළුත්තූර් ප්‍රදේශයේදී යතුරු පැදි දෙකකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්රෑම් 2.7ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පෙබරවාරි මස 29 වන දින අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ කේරළ ගංජා තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි. ‍