මාලදිවයින් වෙරළාරක්ෂක බළකායේ "හුරාවී" නෞකාව කොළඹ වරායට පැමිණේ
 
 

මාලදිවයින් වෙරළාරක්ෂක බළකායේ "හුරාවී" නෞකාව අද (26) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙන ලද අතර, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

නෞකාව කොළඹ වරායට පැමිණීමෙන් අනතුරුව එහි අණදෙන නිලධාරී කපිතාන් හසාන් ශිනන් මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා හමුවී සුහද කතාබහක නිරත විය. එහිදී මෙම නිල හමුව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු විය.

එම නෞකාව පෙබරවාරි මස 28 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට නියමිතය.