කන්තලේ ලේක් ෆ්රන්ට් නිවාඩු නිකේතනයේ අභිනවයෙන් ඉදිකරන ලද කාමර 5 ක් නාවික හමුදාධිපතිතුමා විසින් විවෘත කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන කන්තලේ ලේක් ෆ්රන්ට් නිවාඩු නිකේතනයේ අළුතින් ඉදිකරන ලද නවීන පහසුකම් සහිත කාමර 5 ක් ඊයේ (1) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් විවෘත කරන ලදී.

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා ඇතුළු නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නිලධාරීන් විශාල පිරිසක්ද එම අවස්ථාව සඳහා එක්විය.