නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් තිස්එක් දෙනෙකු අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය 31 වන දින බත්තලංගුන්ඩුව සහ කිඹුල්බොක්ක යන මුහුදු ප්‍රදේශයන්හිදී නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් තිස්එක් දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 8 ක් අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදාගත් තහනම් කරන ලද මාළු දැල් 2 ක්, G.P.S යන්ත්‍ර 02 ක් සහ කිමිදීම සඳහා භාවිතා කරනු ලබන පා වරල් යුගලක් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ආම්පන්න වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාරදීමට කටයුතු කෙරිණි.