ඉන්දීය නැව් මුළුව වෙනුවෙන් නාවික හමුදාවෙන් සංස්කෘතික සංදර්ශණයක්
 

වික්‍රමාදිත්‍ය නෞකාවේ හා මයිසූර් නෞකාවේ නැව් මුළුව වෙනුවෙන් ජනවාරි මස 21 සහ 22 යන දිනයන්හි නාවික හමුදා මූලස්ථානයේ දී වර්ණවත් සංස්කෘතික සංදර්ශණයන් පැවැත්විණි.

ශ්‍රී ලංකාවට ආවේණික සංස්කෘතික අංගයන්, නර්තනයන් හා විනෝදාත්මක අංගයන් රැසකින් මෙම සංස්කෘතික සංදර්ශණයන් අලංකාරවත් විය. ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් පිරිස මහත් උද්යෝගයකින් යුතුව මෙම සංදර්ශණයන් නැරඹු අතර, එය අප රටෙහි සංස්කෘතික අංගයන් පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට ඔවුනට ලැබුණු මහගු අවස්ථාවක් විය. නාවික හමුදා සංස්කෘතික කණ්ඩායමේ හා වාද්‍ය වෘන්දයේ දස්කම් ඉන්දීය නාවිකයින්ගේ ඇගයුමට ද ලක්විය.