එක්සත් ජනපද තානාපති දකුණු නාවික විධාන ආඥාපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති අතිගරු අතුල් කේෂප් මහතා ජනවාරි මස 14 වන දින ගාල්ල, දකුණු නාවික විධාන මූලස්ථානයේදී, දකුණු නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් ජගත් රණසිංහ මහතා හමුවිය. එහිදී තානාපති තුමන් ඇතුළු නියෝජිත පිරිස ගාලු වරාය තුළ බෝට්ටු සංචාරයක ද නිරත විය. මෙම හමුව සනිටුහන් කරමින් තානාපතිතුමන් හා දකුණු නාවික විධාන ආඥාපතිතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.