උතුරේ සිසු දරුවන් හට නාවික හමුදාවෙන් නව වසරට පොත්පත්
 

උතුරේ දූපත් වල වෙසෙන සිසු දරුවන් දහසකට 2016 නව වසර වෙනුවෙන් පොත්පත් ප්‍රදානය කිරීම උතුරු නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ මගපෙන්වීම යටතේ සිදු කෙරිණි. දුෂ්කරතා මධ්‍යයේ අඩු පහසුකම් සහිත වටපිටාවක මහත් කැපවීමෙන් ඉගෙනුම ලබන සිසු දරුවන් දිරිමත් කරළීම සඳහා මෙම පොත් ප්‍රදානය සංවිධානය කෙරිණි.

නාවික හමුදා ප්‍රජා සුභසාධන වැඩසටහන් යටතේ උතුරේ දරු දැරියන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහළ නැංවීමට සහාය දැක්වීමේ අරමුණින් සිදු කෙරුණු මෙම පොත්පත් ප්‍රදානයේදී ඩෙල්ෆ්ට් රෝමානු කතෝලික කාන්තා විද්‍යාල‍ය, ඩෙල්ෆ්ට් මහා විද්‍යාලය, ඩෙල්ෆ්ට් සිවප්‍රකාශ් විද්‍යාලය, වෙත්තලකේනි පරමේෂ්වර විද්‍යාලය, පුංගුඩුතිව් රාජරාජේෂ්වරී දමිළ මිශ්‍ර විද්‍යාලය, මාදගල් නූනසායි විද්‍යාලය, අනලතිව් සධාශිව මහා විද්‍යාලය, එලුවතිව් මුරුගාවෙල් විද්‍යාලය, නයනතිව් මහා විද්‍යාලය හා නයනතිව් ශ්‍රී ගනේෂා කනිෂ්ඨ මහා විද්‍යාලය ‍යන විද්‍යාලයන් හි සිසු දරුවන් හට පොත්පත් පරිත්‍යාග කිරීම සිදු කෙරිණි. උතුරු අර්ධද්වීපයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර, අග්බෝ, වසභ, ගෝඨයිම්බර යන ආයතනයන් හි අණදෙන නිලධාරීන් සහ නාවික ස්ථානගත කිරීම වෙත්තලකේනි ඇතුළු එම ආයතනයන් හි නාවිකයින්, පාසල් ගුරුභවතුන් හා එක්ව සිසු දරු දැරියන්ගේ යහපත් හෙට දවස වෙනුවෙන් මෙම සත්කාර්යය සඳහා දායක විය.

මාදගල් නූනසායි විද්‍යාලය
ඩෙල්ෆ්ට් රෝමානු කතෝලික කාන්තා විද්‍යාලය
ඩෙල්ෆ්ට් මහා විද්‍යාලය
ඩෙල්ෆ්ට් සිවප්‍රකාශ් විද්‍යාලය
අනලතිව් සදාශිව මහා විද්‍යාලය

 

පුංගුඩුතිව් රාජරාජේස්වරී දමිළ මිශ්‍ර පාසල
එලුවතිව් මුරුගාවෙල් විද්‍යාලය
නයනතිව් මහා විද්‍යාලය

 

වෙත්තලකේනි පරමේෂ්වර විද්‍යාලය

 

නයනතිව් ශ්‍රී ගනේෂා කනිෂ්ඨ මහා විද්‍යාලය