මුතුරාජවෙල තෙල් කාන්දුවීම වැළැක්වීමට නාවික හමුදාව සහාය වෙයි
 

මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට තෙල් ගෙන යන ඉන්ධන නලයක් භූමිතෙල් යොදාගෙන පිරිසිදු කිරීමට යාමේදී ඊයේ (31) උදෑසන සිදුවූ තෙල් කාන්දුවීමක් හේතුවෙන් දික්ඕවිට තල්දිය වත්ත කලපු ප්‍රදේශයේ සිදුවීමට ගිය විශාල පාරිසරික හානිය අවම කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකිවිය.

ශ්‍රීලංනානෞ කැළණි ආයතනයේ සේවය නියුතු නාවිකයකු විසින් මෙම තෙල් කාන්දුව පලමුව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව කඩිනමින් දැනුම් දීම නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කාර්ය මණ්ඩලය හා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සමග එක්ව එය යථා තත්වයට පත්කිරීමට නාවික හමුදාවට හැකිවිය. මෙම තෙල් කාන්දුව නිසා භූමිතෙල් ලීටර් දස දහසක් පමණ කලපු ප්‍රදේශයට එක්ව තිබූ අතර, එම හේතුවෙන් කලපුව ආශ්‍රිතව වෙසෙන ජීවින් මිය ගොස් ඇති බවද නිරීක්ෂණය විය.