යාපනයේ පැවති රාජ්‍ය නත්තල් උත්සවය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි
 

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නත්තල් උත්සවය 2015 දෙසැම්බර් මස 20 වන දින යාපනය මහ නගර සභා භූමියේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. යාපනය රදගුරු අති උතුම් ජස්ටින් බර්නාඩ් ඥාණප්‍රාගසම් මැතිතුමාගේ මගපෙන්වීම යටතේ සංවිධානය කරන ලද එම උත්සවය සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාද සහභාගී විය.

නත්තල් උදාව සමරමින් ඉදිරිපත් කරන ලද ගීත ගායනා සහ නැටුම් වර්ණවත් කිරීම සඳහා නාවික හමුදා වාද්‍ය වෘන්දයේ සහාය ලබා දුන් අතර, ආගම් අතර සහයෝගය පිළිබිඹු කරමින් එම උත්සවය සඳහා බෞද්ධ සහ විදේශීය පූජකවරු මෙන්ම ප්‍රදේශවාසීන් විශාල ප්‍රමාණයක්ද සහභාගී විය.