65 වන නාවික දිනය නිමිත්තෙන් නිලධාරීන්ගේ සුහද හමුවක් ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේදී පැවැත්වේ

65 වන නාවික දිනයට සමගාමීව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2015 දෙසැම්බර් මස 19 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේදී නිලධාරීන්ගේ සුහද හමුවක් පවත්වන ලදී. සක්‍රීය සේවයේ යෙදී සිටින සහ විශ්‍රාමික නාවික නිලධාරීන් විශාල ප්‍රමාණයක් සහභාගී වූ එම අවස්ථාව සඳහා හිටපු නාවික හමුදාධිපතිවරුන් වන අද්මිරාල් බැසිල් ගුණසේකර, අද්මිරාල් සිසිල් තිසේරා, අද්මිරාල් දයා සඳගිරි, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, අද්මිරාල් තිසර සමරසිංහ, අද්මිරාල් ජයනාත් කොළඹගේ සහ අද්මිරාල් ජයන්ත පෙරේරා යන මහත්වරුන්ද සහභාගී වූහ.

විශේෂ ආරාධිතයෙකු ලෙස දකුණු සහ අග්නදිග ආසියාව සඳහා වූ එක්සක් ජනපද නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් ආචාර්ය එමී සියරයිට් මහත්මියද එම අවස්ථාවට සහභාගී වූ අතර, ගුවන් හමුදාධිපති සහ ශ්‍රී ලංකාවේ විදේශ දූත සේවාවන්හි ආරක්ෂක උපදේශක නිලධාරීන්ද එම අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකා නාවික හමුදාව නාවික සම්ප්‍රදායන්ට සහ වාරිත්‍රයන්ට අනුකූලව සෑම වසරකම දෙසැම්බර් මස 09 වන දින නාවික දිනය සමරනු ලබන අතර, ඒ වෙනුවෙන් විවිධ ආගමික සහ සාමාජ සේවා කටයුතු සංවිධානය කරනු ලබයි.