ධීවර බෝට්ටුවක් තුල සගවා තිබූ රත්‍රං කිලෝ 5 ක් නාවික හමුදාව විසින් සොයාගනී
 

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (18) තලෙයිමන්නාරම ඌරුමලෙයි ප්‍රදේශයට උතුරින් වූ මුහුදේදී නීතිවිරෝධී ලෙස ධීවර බෝට්ටුවක් තුල සගවා ඉන්දියාවට ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 5 ක ප්‍රමාණයක් පුද්ගලයෙකුද සමග අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කැබලි 19 කින් සමන්විත රත්‍රං තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා යාපනය රේගු නිලධාරීන් වෙත භාර දෙන ලදී.