නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ නව ගොඩනැගිල්ල නාවික හමුදාධිපති අතින් විවෘත කෙරේ
 

වැලිසර නාවික කඳවුරේ ස්ථාපිත කරන ලද නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ නව ගොඩනැගිල්ල නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් අද (18) විවෘත කෙරිණි. මෙම අවස්ථාවට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හා බටහිර නාවික විධාන ආඥාපති ඇතුළු නාවික හමුදා මූලස්ථානයට සහ බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද සහභාගී විය.

නවතම තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කරගනිමින් නාවික හමුදාවේ පවතින හැකියාවන් තවදුරටත් වර්ධනය කිරීම සඳහා නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් සිදුකරන කාර්යභාරය පිළිබඳව එහිදී නාවික හමුදාධිපතිතුමන් සිය කෘතවේදීත්වය පළ කළ අතර, එම ඒකකය විසින් නිර්මාණය කරන ලද කුඩා අවි පුහුණු ආදර්ශ ආකෘතියේ ක්‍රියාකාරීත්වය ද පරීක්ෂාවට ලක්කරන ලදී.