ගෝන මස් කිලෝග්‍රෑම් 90 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ රාජකාරී නියුතු නාවික පුද්ගලයන් පිරිසක් විසින් ගෝන මස් කිලෝග්‍රෑම් 90 ක් සමග පුද්ගලයෙකු කරුවලකුඩා ප්‍රදේශයේදී ඊයේ (13) අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ නීතිවිරෝධීව දඩයම් කරන ලද ගෝන මස් තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා විල්පත්තු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාර දෙන ලදී.