කොළඹ හොකී සහ පාපන්දු සමාජය පරදා නාවික හමුදා රග්බි පිල ජය ලබයි
 

නාවික හමුදා රග්බි පිල හා කොළඹ හොකී සහ පාපන්දු පිල අතර අද (12) කොළඹ තුරඟ තරඟ පිටියේ පැවති ඩයලොග් අන්තර් සමාජ ‘ඒ’ කොටසේ ලීග් රග්බි තරඟයෙන් 67-6ක් ලෙස ජය ගැනීමට නාවික හමුදා රග්බි පිල සමත්විය. එහිදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ නාවික හමුදා රග්බි පිල උත්සාහක දිනුම් 11ක් සහ ප්‍රවර්තන දිනුම් 6ක් ලබාගත් අතර, කොළඹ හොකී සහ පාපන්දු පිලට ලබා ගත හැකි වූයේ දඬුවම් පහර 2ක් පමණි.