දකුණු කොරියානු නෞකාවේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ සංස්කෘතික සංදර්ශනයක් නාවික හමුදා මූලස්ථානයේදී පවත්වයි

තෙදින නිල සංචාරයක් සඳහා පසුගිය (03) වන දින ශ්‍රී ලංකාවට පැමිණි දකුණු කොරියානු නාවික හමුදාවේ “චුන්ග්මුගොන්ග් යි සන් සින්” නෞකාවේ කාර්ය මණ්ඩල‍ය වෙනුවෙන් සංස්කෘතික සංදර්ශනයක් දෙසැම්බර් මස 04 වන දින නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවට ආවේණික සංස්කෘතික අංගයන් රාශියකින් සමන්විත වූ මෙම සංස්කෘතික සංදර්ශනය කොරියානු නාවික හමුදා සාමාජිකයින් පිරිස මහත් උද්යෝගයකින් යුතුව නැරඹු අතර, එය අප රටෙහි සංස්කෘතික අංගයන් පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට ඔවුනට ලැබුණු මහගු අවස්ථාවක් විය. නාවික හමුදා සංස්කෘතික කණ්ඩායමේ හා වාද්‍ය වෘන්දයේ දස්කම් කොරියානු නාවිකයින්ගේ ඇගයමුට ද එහිදී ලක්විය.

මෙම අවස්ථාවට “චුන්ග්මුගොන්ග් යි සන් සින්” නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් යූ ජේ-මන් මහතා ඇතුළු එහි නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහභාගී විය.