නීති විරෝධී ධීවර දැල් 4ක් සමග පුද්ගලයින් දස දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත්, මඩකලපුව නාවික අනුඛණ්ඩයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නීති විරෝධී ධීවර දැල් (සුරුක්කු දැල්) 4ක් සමග පුද්ගලයින් සිව් දෙනෙකු හා ඩිංගි යාත්‍රා 4ක් නොවැම්බර් මස 28 වන දින දහවල් අත්අඩංගුවට ගන්නා ලදී. මේ සඳහා මඩකලපුව ධීවර පරීක්ෂක නිලධාරීගේ සහාය ද ලැබිණි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් හා ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මඩකලපුව සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාරදීමට කටයුතු කෙරිණි.