2015 ගාලු කථිකාවට සහභාගීවීම සඳහා පැමිණි විදෙස් නියෝජිතයින් නාවික හමුදාධිපති හමුවෙයි

2015 ගාලු කථිකාව සම්මන්ත්‍රණයට සහභාගීවීම සඳහා පැමිණි විදෙස් නාවික හමුදාවන්හි සහ සංවිධානයන්හි ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවී සුහද සාකච්ජාවන් හි නිරත විය. ඉන්දියන් සාගරයේ ආරක්ෂාව සඳහා ඉතා වැදගත් වන නව අදහස් හා යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලොව පුරා බොහෝ සාගරික විශේෂඥයින් හා නාවික මූලෝපායඥයින් හට මෙම ගාලු කථිකාව සම්මන්ත්‍රණය මගින් ඉතා හොඳ අවස්ථාවක් සලසා දී තිබීම පිළිබඳව එහිදී ඔවුන් නාවික හමුදාධිපතිතුමන් හට සිය ස්තූතිය ප්‍රකාශ කරන ලදී. ‍මෙම අවස්ථාව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවන් ද සිදු කරන ලදී.

අද්මිරාල් ආර්කේ දෝවන්
ඉන්දීය නාවික හමුදාව
අද්මිරාල් ග්‍රේයිවුට් වට්ටනාදම්
රාජකීය තායිලන්ත නාවික හමුදාව
වයිස් අද්මිරාල් බර්ට්සෙව්
රුසියානු නාවික හමුදාව
වයිස් අද්මිරාල් අයිඊ ඉබාස්
නයිජීරියාව
අතිගරු ෂෙලී වයිටින්ග් මහත්මිය
කැනඩාව
රියර් අද්මිරාල් ලැසාරෝ හෙන්රික් ලෝප්ස් මිනිට්
මොසැම්බික් නාවික හමුදාව
රියර් අද්මිරාල් ගු ෂියෑන්බින්ග්
චීනය
රියර් අද්මිරාල් මුහම්මද් අම්ජාඩ් ඛාන්
පකිස්තානය
රියර් අද්මිරාල් ගෝ සී ක්‍යුයෙට්
වියට්නාම්
කොමදෝරු විල් වැරැන්ඩර්, රාජකීය නාවික හමුදාව
ඒකාබද්ධ සාගරික බලකාය
කර්නල් ජීඑස් ‍ගර්ට්ච් ක්‍රිස්ටොෆ් පීටර්
ස්විට්සර්ලන්තය
කපිතාන් නේගි පොර් රීසායි
ඉරානය
කපිතාන් නඔයා හෝෂි
ජපානය
කොමාණ්ඩර් සීඑම් වෑන් ඩෙන් බග්
නෙදර්ලන්තය