ගාලු කථිකාව සම්මන්ත්‍රණය සඳහා ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ සහභාගීත්වය පිළිබඳ නාවික හමුදාධිපතිතුමන් ගෞරවනීය ස්තූතිය පල කර සිටියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ගාල්ල ලයිට්හවුස් හෝටලයේදී ගාලු කථිකාව සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී, සම්මන්ත්‍රනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගීවීම පිළිබඳව සිය ස්තූතිය පළ කර සිටියේය. ආරක්ෂක අමාත්‍යාංශය හා එක්ව සංවිධානය කළ ගාලු කථිකාව සමුළුවට ශක්තියක් වෙමින් වඩාත් අර්ථාන්විත මෙන්ම විචාරශීලී දේශනයක් පැවැත්වීම එහි වටිනාකම වඩාත් ඉහළ නැංවීමට හේතුවූ බවද නාවික හමුදාධිපතිතුමන් එහිදී සඳහන් කරන ලදී.

“පුළුල් සාගරික සහයෝගීතාවයක් තුළින් සමුදුරු සුරැකීම: අභියෝග සහ ඉදිරි දැක්ම” යන තේමාව යටතේ නොවැම්බර් මස 23 වන දින ආරම්භවූ මෙම සමුළුව අද (24) දින අවසන් වීමට නියමිතය. මෙවර සමුළුවට රටවල් 36ක් හා ජාත්‍යන්තර සංවිධාන 10ක් නියෝජනය කරමින් දෙස් විදෙස් විද්වතුන් විශාල පිරිසක් සහභාගී විය.