ඉන්දියන් සාගරයේ ස්ථානගත කර ඇති ප්‍රංශ බළකා ඒකාබද්ධ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියන් සාගරයේ ස්ථානගත කර ඇති ප්‍රංශ බළකා ඒකාබද්ධ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ඔන්ව්වාන් බෙසෝන් මහතා අද (20) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ෂෝන් මරින් ෂූ මහතාද ඔහු සමග එම අවස්ථාව සඳහා එක්විය.

එහිදී ඔවුන් ද්විපාර්ශවීය වශයෙන් වැදගත් වන කරුණු රාශියක් පිළිබද සුහද කථාබහක නිරත වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

රියර් අද්මිරාල් බෙසෝන් මහතා ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සංවිධානය කරනු ලබන ගාලු කථිකාව - 2015 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයටද සහභාගී වීමට නියමිතය.