අධික වර්ෂාව හේතුවෙන් ආපදාවටපත් මාදගල්, කයිට්ස් සහ ඉරනමඩු ප්‍රදේශයන් හි සිවිල් වැසියන්ට නාවික හමුදාව පහසුකම් සලසයි

අධික වර්ෂාව හේතුවෙන් යාපනය කයිට්ස්, මාදගල් සහ ඉරනමඩු ප්‍රදේශයන් හි ආපදාවට ලක්වී සිටින සිවිල් වැසියන් හට ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර, කංචදේව සහ අග්බෝ යන ආයතනවල නාවිකයින් විසින් පහසුකම් සැලසීය. එහිදී ඔවුන් නැවතී සිටින නිවාස සඳහා පිසූ ආහාර, බෝතල් කළ පානීය ජලය සහ අනෙකුත් මූලික අවශ්‍යතාවයන් සලසා දීමට කටයුතු කෙරිණි. එමෙන්ම ඉරනමඩු ප්‍රදේශයේ ජලයෙන් යටවූ පෙදෙස් වල ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටද නාවික හමුදාව සහාය විය.

පවතින දැඩි වර්ෂා සහිත කාළගුණය හේතුවෙන් සේන්දෙන්කුලම් ග්‍රාම සේවා වසමට අයත් පවුල් 55ක පුද්ගලයින් 198 දෙනෙකු, මාදගල් බටහිර ග්‍රාම සේවා වසමට අයත් පවුල් 68කට අයත් පුද්ගලයින් 112 දෙනෙකු, අට්ටිකුලම් හා චූනිපුරම් ග්‍රාම සේවා වසමට අයත් පවුල් 12ක පුද්ගලයින් 60 දෙනෙකු සහ සෙට්ටිපුලම් ග්‍රාම සේවා වසමට අයත් පවුල් 15ක පුද්ගලයින් 75 දෙනෙකු ආපදාවට ලක්ව ඇත.