5 වසර ශිෂ්‍යත්ව විභාගය උසස් ‍ලෙස සමත් වූ සිසුන් නාවික හමුදාවේ ඇගයීමට

බොහෝ දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය හදාරමින් තම අධිෂ්ඨානය හා කැපවීම මත 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 163 ක් ලබා ගනිමින් උසස් ලෙස සමත්වූ සහ ලකුණු 70 ට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගන්නා ලද කල්පිටිය, මොහොත්තුවාරම ප්‍රාථමික පාසලේ සිදු දරු දැරියන් 7 දෙනෙකු නාවික හමුදාවේ ඇගයීමට ලක් කෙරිණි.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මගින් මෙම උපහාර උළෙල සංවිධානය කරන ලද අතර, විවිධ දුෂ්කරතා මධ්‍යයේ තම දූ දරුවන්හට අධ්‍යාපනය ලබා දෙමින් ඔවුන් දිරිගැන්වූ දෙමාපියන්හටද මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගී වීමට අවස්ථා සැළසිණි. ධෛර්ය සම්පන්න සිසු දරුදැරියන්ට මෙන්ම ඔවුන්ට මගපෙන්වූ ගුරුවරුන්ටද එහිදී ත්‍යාග ප්‍රදානය කරන ලද අතර, මෙවැනි අලංකාර උ‍පහාර උළෙලක් පවත්වමින් තම දරු දැරියන් ඇගයීමට ලක් කර ඔවුන් දිරිමත් කිරීම සම්බන්ධයෙන් දෙමාපියන් සහ ගුරුවරුන් නාවික හමුදාවට එහිදී සිය හෘදයාංගම ස්තුතිය පුද කරන ලදී.