2015 අන්තර් විධාන අත්පන්දු ශූරතාවලිය

2015 අන්තර් විධාන අත්පන්දු ශූරතාවලිය, නාවික හමුදාවේ සියළුම විධාන අත්පන්දු කණ්ඩායම්වල සහභාගීත්වයෙන් නොවැම්බර් මස 10 වන දින සිට 13 වන දින දක්වා ගාල්ල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේදී පැවැත්විය. මෙහි අවසන් තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදා අත්පන්දු සංචිතයේ සභාපති කපිතාන් උපුල් අබේරත්න මහතා සහභාගී විය.

මෙම තරඟාවලියේදී දියත් විධානය පරාජයට පත් කරමින් පිරිමි අංශයේ ශූරතාවය දිනා ගැනීමට නැගෙනහිර විධානය සමත්වුණු අතර, නැගෙනහිර නාවික විධානය පරදවමින් කාන්තා අංශයේ ශූරතාවය හිමි කර ගැනීමට උතුරු නාවික විධානය සමත්විය. එහිදී දක්ෂතම, ප්‍රවීනතම අත්පන්දු ක්‍රීඩකයා වශයෙන් නැගෙනහිර විධාන කණ්ඩායම නියෝජනය කළ සුළු නිලධාරී ඩිඩබ්ජීඅයිකේ කරුණාරත්න කුසලාන හිමිකරගත් අතර, එම කණ්ඩාම නියෝජනය කළ නායක සෙබළ සීබී චන්ද්‍රදාස දක්ෂතම ක්‍රීඩකයා ලෙසත් නැගෙනහිර විධාන කාන්තා අත්පන්දු කණ්ඩායම නියෝජනය කළ ආධුනික කාන්තා නාවික එල්ඒ කන්නන්ගර දක්ෂතම අත්පන්දු ක්‍රීඩිකාව වශයෙන් කුසලාන හිමි කර ගන්නා ලදී.