ඇමරිකා එක්සත් ජනපද සාගරික බලකා ස්ථානගත කිරීමේ බටහිර ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි

ඇමරිකා එක්සත් ජනපද සාගරික බලකා ස්ථානගත කිරීමේ බටහිර ආඥාපති බ්‍රි‍ගේඩීයර් ජෙනරාල් එඩ්වඩ් ඩී බන්ටා මහතා අද (13) දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. ඔහු සමග ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශක ජේකොබ් ඉංග්ලිෂ් මහතාද පැමිණෙන ලදී.

ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වූ අතර, එහිදී විශේෂයෙන් සාගරික ආරක්ෂාව, සෝදිසි කිරීමේ හා ගලවාගැනීමේ මෙහෙයුම් සහ පුහුණු කටයුතු පිළිබද වැඩි අවධානයක් යොමු කරන ලදී. ‍එම අවස්ථාව සනිටුහන් කරමින් සුහද හමුව අවසානයේදී සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.