බලහත්කාරයෙන් හෝ අකමැත්තෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමක් නාවික හමුදාධිපති හමුවෙයි

බලහත්කාරයෙන් හෝ අකමැත්තෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ උප සභාපති බර්නාඩ් දුහාමි මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් අද (10) දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. එහිදී ඔවුන් නාවික හමුදාධිපතිතුමන් අතර සුහද සාකච්ඡාවක නිරත විය.