සඟවා තැබූ කේරළ ගංජා කිලෝග්රෑම් 120 ක් නාවික හමුදාව විසින් සොයාගැනේ
 

ලද තොරතුරකට අනුව සිලාවතුර සවාරියපුරම් ප්‍රදේශයේ කැලයක සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්රෑම් 120 ක ප්‍රමාණයක් වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් විසින් නොවැම්බර් මස 9 වන දින සොයා ගන්නා ලදී.   

එම කේරළ ගංජා තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා මන්නාරම සුරාබදු දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී. ‍