බටහිර නාවික විධානය හැඳල ප්‍රදේශයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි

බටහිර නාවික විධානය විසින් 2015 ඔක්තෝබර් මස 27 වන දින හැඳල, බලගල සදාසරණ අප දේවමාතා දෙව් මැදුරේදී ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පැවැත්විය. බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ මගපෙන්වීම මත, බලගල දීපාලෝක සුභසාධක සංගමය හා හැඳල සිංහ සමාජ එකමුතුව සමග එක්ව මෙම සෞඛ්‍ය සායනය සංවිධානය කෙරිණි.

මෙහිදී හැඳල, බලගල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී සිවිල් ප්‍රජාවට ළය ආශ්‍රිත රෝග, අක්ෂි රෝග, දියවැඩියා පරීක්ෂණ සඳහා මෙන්ම සාමාන්‍ය රෝග වෙනුවෙන් සිදුකරන වෛද්‍ය පරීක්ෂණයන්ට යොමුවී අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථාව සැලසිණි. වැලිසර නාවික රෝහලේ වෛද්‍යවරුන් සහ නාවික පුද්ගලයින්ගේ දායකත්වයෙන් සිදු කෙරුණු මෙම වෛද්‍ය සායනය තුළින් ප්‍රදේශයේ රෝගීන් 650 දෙනෙකුට පමණ ප්‍රථිකාර ලබාදීමට හැකිවිය.